Monday, October 26, 2015

අවසරයි සඳ



 

 

විසුල තරු කැට

 

එකින් එක ගෙන

 

මල් වැලක් මෙන් එය ගොතන්නට

 

ගෙතූ තරුමල්

 

සඳේ දවටා

 

ඔබේ ඔය රුව

 

රස විඳින්නට

 

සිතේ නළියන කෝල හැඟුමන්

 

ඔබේ සවනේ රැව් නඟන්නට

 

සඳට තනිකම කිසිත් නොදැනෙන

 

හිරුත් සේ ඔබ ළඟින් ඉන්නට . . . . . . .

                                                                        Lucifer 

No comments:

Post a Comment