ඇවිලුණි . . . . . . . .
කල්පයක් තරම් කාලයක
සැඟව තිබූ
මහා අග්නිය
ඇවිලුණි . . . . . . . . . .
කාගේ වරදින්ද යන්න
කම් නැත
නැවත නිවිය නොහැකි සේ
ඇවිලුණි . . . . . . . . . .
ජලය, පස නිසල විය
අග්නිය ඉදිරිපිට
මුළු ලොවක් දවාලන්නට
ඇවිලුණි . . . . . . . . . .
කුමක්ද ඇවිලුණේ
ආරම්භය කුමකින්ද
ලොවක් වනසන්නට තරම් වූ
හරිහැටි කිසිවෙකුට නොදැණුනද
සිගරට් කොටයකින් එය
ඇවිලුණි . . . . . . . . . .
Lucifer

No comments:
Post a Comment