" මට බෑ "
" ඇයි ? "
" මං කිවුවනේ මට ඔයත් එක්ක ජීවත්
වෙන්න බෑ."
" ඇයි ? "
" ඇයි තමා වචන දහයක් කතා කළොත් වචන
අටක්ම ඇයි කියල තමා. "
" ඇයි ? "
" අනේ තේරුම් ගන්න විශල් මට බෑ
තවත් මෙහෙම කරන්න.ගෙදරින් මට යෝජනාවක් ගෙනත්.තාත්තගේ යාළුවෙක්ගේ පුතෙක්.ඉන්නේ
ඔස්ට්‍රේලියාවෙ. "
" ඉතින් ඇයි ? "
" අනේ විශල් ඔයාට කියන්න බැරිද වෙන
දෙයක් ඔය ප්‍රශ්න ඇහිල්ලට වඩා. තේරුම් ගන්න මම් ඔයාව
දාලා යන්න යන්නේ. "
" ඇයි සාරණ්‍යා ? "
මා
බෙහෙවින් ප්‍රිය කළ ඇගේ ගෙල වම්පස වූ හදවතක හැඩැති රත් පැහැ ලපය මට හිමි වෙන්නේ
නැත කියන්නට මෙන් කෙස් රොදින් වැසී තිබිණි. විය යුතු ලෙසටම වදනකුඳු නොදොඩා ඇය නික්ම ගියාය. මගෙන් බොහෝ ඈතට .
. . . . .
කිහිප දිනකට පසු මට ඇගෙන් ලිපියක් ලැබුණි.
විශල් මම බඳිනවා .
. . මොනා කරත් දැන් මම
සතුටින් ඉස්සරහටත් එහෙමයි. ඔයත් එහෙම ඉන්න . . .
ඇයව මට අමතක කළ නොහැක. කෙදිනකවත්
.
*************
ගත වූ අවුරුදු ගණන තුළ මා ,
ලේඛකයෙකු
දායාබර සැමියෙකු බවට පත් විය . . . . . . .
ලේඛකයෙකු
දායාබර සැමියෙකු බවට පත් විය . . . . . . .
*************
යමන් බං බොසා අද අර වඩේ බාර දුන්න උඹට.ගිහින් cover කරපන්. Article එක එළටම තියෙන්න ඕනි හරිද. ඒ මගේ කාර්‍යාල සහයක අසංකය .
ඉතිං මම නිශාචර සමනළියක් ළඟ නැවතුනෙමි. ළඟඳි කොටු වුණ පුනරුත්ථාපන කඳවුර ඇගේ තටු සිඳ ඇති සෙයකි. ඈ තටු අකුලාගෙන සිටින්නට වීමෙන් විඩාබවරව සිටියාය.
මම ඇයගේ කතාව ඇසුවෙමි. හැඩරුව බටහිර පන්නයේ වුවත් ඒ අතරින් මතු වීමට වෙර දරන අපේ කෙල්ලෙක්ය යන්න ඉස්මතු කරවමින් මනා සිංහල භාෂා නිපුණත්වයක් ඈ සතු විය.
" මගේ නම............... "
කතාව අවසන මා ඇයට තූති කර යන්නට නැඟී සිටියෙමි.
මම ඇයගේ කතාව ඇසුවෙමි. හැඩරුව බටහිර පන්නයේ වුවත් ඒ අතරින් මතු වීමට වෙර දරන අපේ කෙල්ලෙක්ය යන්න ඉස්මතු කරවමින් මනා සිංහල භාෂා නිපුණත්වයක් ඈ සතු විය.
" මගේ නම............... "
කතාව අවසන මා ඇයට තූති කර යන්නට නැඟී සිටියෙමි.
" විශල් . . . . "
මම හැරුණෙමි.ඇයට මම අනන්යිතාවය හෙලි නොකළෙමි. ඒ කෙසේ වෙතත් මම විශල් නොවෙමි.
තවදුරටත් කතා නොකල ඇය නිහඬවම කෘතිමව තඹ පැහැ කල දිගු කේශ කලාපය ගෙල වත ඉදිරියට දමා ගත්තාය. ඇය බලා සිටි ආකාරයට මට රිත්මිව සිහි විය.
ගෙලෙහි වම් පස රත් පැහැ ලපයකි. ඉතිං . . .
" නැහැ මම විශල් නෙවේ සමාවෙන්න. "
සාත්තු සේවිකාවක් ඉදිරියට ආවාය....
“සමාවෙන්න මහත්තයෝ මේකිගේ හැටි ඔය. හැමදාම විශල් කියනවා. මේකි කරපු රස්සාවේ හැටියට පිරිමි කැමති වෙයිද ? “
මම සිනහසුණෙමි.
නිවසට පැමිණ මා වෙහෙසව ඇඳට වැටුණෙමි.
" නිශාල් අයියගේ දානෙ නේද ඊළඟ මාසේ ? " ඒ රිත්මිය.
හ්ම්ම්ම්ම්ම්............. කියමින් මම බිත්තිය දෙස බැලුවෙමි.
මාගේ මව සහ පියා සමඟ තරුණ වියේ සිටම සුදුමල් ගෙල ලා සිටි මගේ නිවුන්නා විශල්, බිත්තියේ සිට මට සිනහ වුණි.
- නිමි -
JK

Great story...
ReplyDeleteලස්සනයි
ReplyDeleteලස්සනයි
ReplyDelete