Saturday, December 26, 2015

මැරුණා



 


අහසින් වැටෙන හංස පිහාටු අතරින්
බැලුවා ඔයා එනවද කියලා
ඔයාගේ තොල් සිපගන්න හිටිය
රෝසමලේ
කටු කලබලේටම
මගේ ඇඟිලි තුඩු සිපගත්තා
තදටම
ආදරේ වැඩිකමට ඉපදුණු ලේ බිංදු
මහ පොළොවට වැටුණා
එක පාරටම
ඔයා මතුවුණා
පොඩි නිල් සමනල්ලු අතරින්
කලබලෙන්
වැටුණ හංස පිහාටු
රත්තරන් කෙහෙරැළි උඩින්
ලස්සනට විසිරිලා තිබුණා
ඊට පස්සේ ඔයා 
මං
ළඟට ආවා
අයිස් වගේ සීතල ඇස් වලින්
මගේ හදවත ගිනි තිබ්බා
ආදරෙන් මම වැටුණා
සතුටෙ පතුලටම
සීතල විනිවිදින සිනහව
මගේ පෙනහළු පිරෙවුවා
 කවදාවත් ගොඩ නො එන විදියට
මම හැමදාම ගිලිලා
මැරුණා

        
JK

තවත්


හීරුණු හදක් 
තුලින් ගලන 
කඳුළු බිඳු

Lusifer

Thursday, December 17, 2015

හයිකුවක්


අහිමි 

අන්සතු දේට 

වහ වැටුන

ජීවිත






විශේෂ ස්තූතිය බස්සිට ඈ ඕං.
හයිකු ගැන ලියන්න ඉගැන්නුවේ අපේ බස්සි තමා.



                                           Lucifer

Saturday, November 21, 2015

සිහින සාප්පුව



ආ . . . එන්න එන්න

මොනාද ගන්න බැලුවෙ . . .?

මහත්තයට ඕන මොනාද . . .?

ඔය ලස්සන නෝනා බැලුවේ . . . .

සල්ලි බාගේ හෙම ඇත්නම්

ගත හැකි හොඳ හොඳ සිත්තම්

මේ ඔක්කොම හොඳම ඒවා

check කරලම අරන් යන්න

අනේ අනේ miss වුණානෙ

තියෙනවා තව ජාති ගොඩාක්

ඔන්න ඔතන ඔය තියෙන්නෙ

ගාණ අඩුයි

local බඩු

මෙන්න මෙතන මේ තියෙන්නේ

ගාණ ඉතින් ටිකක් සැරයි

හැබැයි ඉතින් imported

තව තියෙනවාජාති ගොඩක්

කාට වුණත් ගන්න හිතෙන

මේ ඔක්කොම

හීන තමයි . . .

                                  Lucifer

Wednesday, October 28, 2015

හිමිවීම




" මට බෑ "


" ඇයි ? "


" මං කිවුවනේ මට ඔයත් එක්ක ජීවත් වෙන්න බෑ."

" ඇයි ? "

" ඇයි තමා වචන දහයක් කතා කළොත් වචන අටක්ම ඇයි කියල තමා. "


" ඇයි ? "
 
" අනේ තේරුම් ගන්න විශල් මට බෑ තවත් මෙහෙම කරන්න.ගෙදරින් මට යෝජනාවක් ගෙනත්.තාත්තගේ යාළුවෙක්ගේ පුතෙක්.ඉන්නේ ඔස්ට්‍රේලියාවෙ. "

 " ඉතින් ඇයි ? "


" අනේ විශල් ඔයාට කියන්න බැරිද වෙන දෙයක් ඔය ප්‍රශ්න ඇහිල්ලට වඩා. තේරුම් ගන්න මම් ඔයාව දාලා යන්න යන්නේ. "


 " ඇයි සාරණ්‍යා ? "


මා බෙහෙවින් ප්‍රිය කළ ඇගේ ගෙල වම්පස වූ හදවතක හැඩැති රත් පැහැ ලපය මට හිමි වෙන්නේ නැත කියන්නට මෙන් කෙස් රොදින් වැසී තිබිණි. විය යුතු ලෙසටම වදනකුඳු නොදොඩා ඇය නික්ම ගියාය. මගෙන් බොහෝ ඈතට . . . . . . 
 

කිහිප දිනකට පසු මට ඇගෙන් ලිපියක් ලැබුණි.


විශල් මම බඳිනවා . .  . මොනා කරත් දැන් මම සතුටින් ඉස්සරහටත් එහෙමයි. ඔයත් එහෙම ඉන්න .  . .
 

ඇයව මට අමතක කළ නොහැක. කෙදිනකවත් .
               
                                                    *************


ගත වූ අවුරුදු ගණන තුළ මා ,
ලේඛකයෙකු
දායාබර සැමියෙකු බවට පත් විය . . . . . . .


                                                    *************

යමන් බං බොසා අද අර වඩේ බාර දුන්න උඹට.ගිහින් cover කරපන්. Article එක එළටම තියෙන්න ඕනි හරිද. ඒ මගේ කාර්‍යාල සහයක අසංකය .





  ඉතිං මම නිශාචර සමනළියක් ළඟ නැවතුනෙමි. ළඟඳි කොටු වුණ පුනරුත්ථාපන කඳවුර ඇගේ තටු සිඳ ඇති සෙයකි. ඈ තටු අකුලාගෙන සිටින්නට වීමෙන් විඩාබවරව සිටියාය.

මම ඇයගේ කතාව  ඇසුවෙමි. හැඩරුව බටහිර පන්නයේ වුවත් ඒ අතරින් මතු වීමට වෙර දරන අපේ කෙල්ලෙක්ය යන්න ඉස්මතු කරවමින් මනා සිංහල භාෂා නිපුණත්වයක් ඈ සතු විය.

" මගේ නම............... "

 කතාව අවසන මා ඇයට තූති කර යන්නට නැඟී සිටියෙමි.

" විශල් . . . . "


මම හැරුණෙමි.ඇයට මම අනන්යිතාවය හෙලි නොකළෙමි. ඒ කෙසේ වෙතත් මම විශල් නොවෙමි. 

තවදුරටත් කතා නොකල ඇය නිහඬවම  කෘතිමව තඹ පැහැ කල දිගු කේශ කලාපය ගෙල වත ඉදිරියට දමා ගත්තාය. ඇය බලා සිටි ආකාරයට මට රිත්මිව සිහි විය.

ගෙලෙහි වම් පස රත් පැහැ ලපයකි. ඉතිං . . .

" නැහැ මම විශල් නෙවේ සමාවෙන්න. "


සාත්තු සේවිකාවක් ඉදිරියට ආවාය.... 

“සමාවෙන්න මහත්තයෝ මේකිගේ හැටි ඔය. හැමදාම විශල් කියනවා. මේකි කරපු රස්සාවේ හැටියට පිරිමි කැමති වෙයිද ? “

මම සිනහසුණෙමි.

නිවසට පැමිණ මා වෙහෙසව ඇඳට වැටුණෙමි. 

" නිශාල් අයියගේ දානෙ නේද ඊළඟ මාසේ ? "   ඒ රිත්මිය.

හ්ම්ම්ම්ම්ම්............. කියමින් මම බිත්තිය දෙස බැලුවෙමි.

මාගේ මව සහ පියා සමඟ තරුණ වියේ සිටම සුදුමල් ගෙල ලා සිටි මගේ නිවුන්නා විශල්, බිත්තියේ සිට මට සිනහ වුණි.


-  නිමි  -

 
                              JK